ලොවම නොදකින ඔබව
මම නෙතින් දකිමි
ලොවට නෑසෙන ඔබේ
සුසුම් මම විඳිමි
ලොවට රහසින් ඔබේ මුදු හඬින් මුමුණනා
ප්රේම ගී හදවතේ පතුලෙහිම ලියමි
පන්හිඳෙන් අකුරු කළ
කවි පොතේ දකිමි
පාළු රෑ ගොම්මනේ
ඔබේ සිඹුම් විඳිමි
ලොවට නොඇසෙන ඔබේ කවි ගීත ස්වප්න ස්වර
හදවතෙහි රුවා මම හැමදාම නිවෙමි
රෑ අහසෙ තරු එළිය
ඔබ හා මවිඳිමි
වීදි, මල් උයන් මැද
ඔබ සමග සරමි
සයුරු රළ පා ගැටෙන තඹ වර්ණ සැඳෑවක
ලොවක් නොදකින ඔබව රහසින්ම සිඹිමි
-Vedithri Dias