නුඹ ළඟත් මතකයන් ඇති
අපි අපේ නොවී වෙන් වී ඇති
විරහවක කඳුළු බොහෝ රස ඇති
ජිවිතය ඔහේ ගලා බසී
හදවතේ ඇති බොහෝ සෝ දුක්
ඉසිඹුවකින් මග හරිනු බැරි
ප්රේමයක ඇති කටුක බවනම්
වචනවලින් පවසන්න බැරි
හැර ගියපු උන් කොහේ හෝ
කා සමගි සතුටින්ම ඇති
මග හරින්නට බැරිව බොහො උන්
තවම කොහේ හෝ අඬනවා ඇති..
නදුන් සම්පත්