Saturday, January 03, 2026
Follow Us
කොහේදෝ අතරමං වුනා
දෙණුවන බැඳුණු මොහොතක් ළඟ
හදවතේ පතුලට කිමිදෙමින්
ඔබ ලංකර ගැනීමට වෙර දැරූ හිත
කොහේදෝ අතරමං වුනා.

 

සෙනෙහස වෑහෙයි.
හද ගැඹුරු නිහඬතාවක සිටී.
අඳුරු සිතුවමක රූ රටා මවමින්
දෙසිතම කළඹන
තෙරක් නොපෙනෙන
මග හැරදා යන
සෝ සුසුමන් නැගෙයි.
සෙවණැළි මත පැටලෙන
මතක අතරේ
අතරමං වන්නට එපා.
හිතන්නටවත් දෙයක් ඉතිරි කර
මෙලෙසම යන්නම්.
-අසේන් සුබසිංහ