Thursday, October 15, 2026
Follow Us
කොහේදෝ අතරමං වුනා
දෙණුවන බැඳුණු මොහොතක් ළඟ
හදවතේ පතුලට කිමිදෙමින්
ඔබ ලංකර ගැනීමට වෙර දැරූ හිත
කොහේදෝ අතරමං වුනා.

 

​
සෙනෙහස වෑහෙයි.
හද ගැඹුරු නිහඬතාවක සිටී.
​
අඳුරු සිතුවමක රූ රටා මවමින්
දෙසිතම කළඹන
තෙරක් නොපෙනෙන
මග හැරදා යන
සෝ සුසුමන් නැගෙයි.
​
සෙවණැළි මත පැටලෙන
මතක අතරේ
අතරමං වන්නට එපා.
​
හිතන්නටවත් දෙයක් ඉතිරි කර
මෙලෙසම යන්නම්.
-අසේන් සුබසිංහ