හිරු නැගී යළිත් සැඟව යයි...
දිනක ආරම්භය සේම
නිමාව ....
ගත සිත වෙහෙස නිවාගැනුමට ඉතිරි පැය කිහිපය.....
රාත්රිය පැමිණ.............
ඒත්....අතීතය...සක්මන් කරයි
නොදැනීම ....
රිදුම්දෙන මතක අතරට
රිංගා නොදන්නා ගැරහුම් නින්දා....
හේතුවක් නොමැතිවම.....
ආචාරියා මහත් ප්රීතියෙන් තලන්නා සේ තැලෙන යකඩය දුටුවිට
දුර්වල තැන් සොය සොයා හදවතේ
කීතුකරයි ලඟ සිටිනවුන් ...
ජීවිතය මෙයම වේ සිතෙයි සියදහස්වර..........
**අරෝෂා දමයන්ති **