අම්මනම් කිව්ව මට
ආදරෙන් පිරිච්චි
මගෙ දුවේ ඕකනන්,
මහ ගන්න බැහැනෙ දැන්,
සලුව පෙර ඉරිච්චී
ඒ නිසා තනි උනා
පෝරුවක දිරච්චි
_________________________________________
දෙන්නගෙම වැරැද්දෙන්
බිදුනාට කලය
මගෙ වැරදි හොයයි උන්
එය උන්ගෙ බලය
නැන්දම්ම එක්ක කට
ගහලා නෑ පලය
අම්මා ළඟ ඒ පුතුන්
සීතලම ජලය
_________________________________________
සුදුම සලු පිලි වලින්
වසාගෙන විලී
නෑදෑයො සංහරෙත්
හොයයි ඇද ගිලි
එහෙ මෙහෙට කර බැලුවො -
තින් වේවි හෙළී
පිටින් බෝසත් උනත්
එවුන්ගෙත් කිලී
_________________________________________
ආදරේ නාමයට
තිබු සෙනෙහෙ උරදී
නැන්දම්ම දන්නෙ නෑ
පුතුගෙ කෙලි පෙරදී
සම සමව වැරද්දකි,
පැත්තකට බර දී
උගෙත් කෙලි එලි උනොත්
ඔක්කොටම වරදී
කවි කාරයා (ශිතක මීදුම් )