Monday, September 08, 2025
Follow Us
ලැබුන සමෘද්ධිය ( සැමියාට ලියයි )
" යමං අපෙ දිහා "කියා ඇවිදින්
එක්ක ගියෙ මේ මිනිහා අහලා
පස්සෙ ලිස්සලා ගියෙ හෙව්වට
මදිය දැල් දහසකුත් යොදලා
මායි මගෙ දරු පැටව් දෙන්නයි
ආයෙ එන දින බලා ගෙවලා
ඒත් සෙනසුරු මාරු උන්නෙම
පන්තියේ බර හොදට බලලා
________________________________________
ගොඩවෙලා ගෙට ග්රාමයා මෙහෙ
සමෘධිය ගැන ඇහැවුවෙි
හැට්ටෙ අස්සෙම තිබුනෙ උගෙ ඇස්
අහකනම් නෑ බලැවුවෙි
උගේ උන්දැගෙ අඩුපාඩු ගැන
මොන මොනාදෝ කියෙවුවෙි
දන්න හින්දයි උගේ හැටි මං
දරුවො මිදුලට නොයැවුවෙි
_________________________________________
තවම වසරයි වුනේ එතෙරට
සුමනසිරි නුඹ ගිහිල්ලා
ලියුම් කඩදැහි මුකුත් තව නැ
කඩෙ නය යයි ඉගිල්ලා
සමෘධියවත් නැති උනොත් මගෙ
පැටව් හාමතෙ ගිහිල්ලා
තිබ්බ තුත්තිරි ගසා දාලා
දුන්න බහ උට නොයිල්ලා
_________________________________________
ඉන්නකොට ලනු ඇදේ වැතිරී
තිසරු උන්ටත් ඉගිලුනි
පුංචි පොඩි පුතු කිරට හැඩුවට
උටත් එවා මල් පැනි
නිවෙන හින්දා පුතේ නුබගෙත්
කුසේ ඇවිලෙන දුක් ගිනි
පුතේ අම්මා ගැනත් කියපන්
හම්බුනොත් සත් පත්තිනී
_________________________________________
පැනල මායිම උබත් ගොස් දැන්
වසරකුත් මාසයක් ගෙවුනා
ආයෙ නම් හිරු නොපායන ලොව
මල් කැකුලු බඩ ගින්නෙ උන්නා
උබේ මංගල මුදුව විකුනා
කෑ දවස් බඩගින්න මැකුනා
ආයෙ නම් නාවමත් කම්නෑ
මමත් පත්තිනි සලුව ලිහුවා

 
කවි කාරයා ( ශිතක මීදුම් )