Tuesday, September 02, 2025
Follow Us
සොයන්නෙම ආදරේ
පාලු කතරක අතරමං වුණු
සොයාගනු බැරි සිතාගනු බැරි
සෙනෙහසක් නෑ කියා විදවන
තනිකමට කර ගැහුව සමහරු
සොයන්නෙම ආදරේ

තමා ඉක්මන් නොකර සිටියත්

අවශ්යම විට සොයා නාවද
නොසිතු දිනකදි ඒවි නිහඬව
හදුන ගන්නේ පැතූ පැතුමෙන්
ඒ තමයි ආදරේ
නාදුනන ලෙස ගමන් ගත්තත්
තමා කරනව ඇත්ත ආලය
මුල්ම පෙම මෝරන්නෙ හිතටයි
වශී වන්නේ බලන බැල්මට
ඒ තමයි ආදරේ
හිනා මවමින් ගෙවන දවසට
සම වෙන්න බෑ තවත් නදකට
වදන එනිසයි ඇහුනෙ මදුරව
සවන එතරම් පිනෙව් ඒ හඩ
ඒ තමයි ආදරේ
දැනෙන විලසට පාන මායම
හොඳට දන්නව හලන බව මදු
මගේ නමටයි, ඇගෙත් ආසම
දුන්නෙ ඒකයි නිතරෝම ඉගි
ඒ තමයි ආදරේ
ගෙවී කලකුත් බැදී ප්රේමය
මගේ ඇය දැන් මගේ ප්රේමිය
හිටියෙ හැමවිට සතුටු තැන්වල
හිතේ ඉන්නා හැටී
ඒ තමයි ආදරේ
විටෙක වෙනවා රණ්ඩු සරුවල්
යනවා මොහොතින් පුංචි කාලෙට
සරසමින් දෝ දෛවයේ විහිලු
ආදරේටත් ඇති වෙයි විරාම
ඒ තමයි ආදරේ
විටෙක ඒවි නොයෙක් බාදා
ගැටලු එන්නේ කලින් කියලද
මගේ දුක ගෙන ඇගේ ඇස්වල
පිරෙන්නෙම කදුලු
ඒ තමයි ආදරේ
පටන් ගන්නේ අවසානයෙන් පසු
ඇය ලෑස්තියි මගේ වෙන්නට
අදහගන්නට බැරි දිනක් මේ
පටලමින් දෙන්නාගෙ අතැඟිලි
මේ තමයි ආදරේ
 
-ඒෂාන් නදීක