Sunday, August 17, 2025
Follow Us
අම්මේ නුඹයි මගේ හුස්ම මගේ පණ
හැම වෙලාවේම
මගේ පස්සෙන්ම ඉඳගෙන
හෙවනැල්ල වාගේ උන්නේ
කෑවා බිව්වද
කෝ ඉතිරි කෙරුවද
කොහොම හරි ඔක්කොම මට කැව්වේ
කොහෙද යන්නේ
මොනවද කරන්නේ ඔය
ඇහුවා නිතරමනේ
ඕක හොඳ නෑ
ගැලපෙන්නේ නෑ
පිලිවල මදියි ඒක හරි නෑනේ
ප්රශ්න පත්තර
දිග හැරන් නිතරම
නිදහසක් නෑ තිබුනේ
පන්තියට ගියහම
ඇරලවා ඉවර වෙනකම්
හෙල්ලෙන්නේ නෑ ඉන්නවනේ
ඉන්න ඕනේ මෙහෙමයි
හැසිරීම මෙලෙසයි
නිතර කොඳුරන්නේ
එදා මහ වදයක් මයි
කනට ඇහෙනකොටත් මට
තරහා මතුවෙන්නේ
නුඹේ තැනට පියවරෙන්
පියවර පිය නගද්දී
මටත් හැම වැට හෙන්නේ
නුඹ කියපු හැමදේ
හරියටම හරි නේ
දීග ගිය දින හොදින් තේරෙන්නේ්
මගේ දියනිය
කුසට ආ දවසේ ඉදලම
එකින් එක සිහි නැඟුනේ
දස මසක් කුසදරා
මහ මෙරක් වේදනා
විදිහැටි
දැනුනේ මගේ දෝනී
ලැබුන දිනේ
සිතින් වරදක් කලා
තරහක් ගෙනම පොඩි කාලේ
නොදැන කල වරදේ
නුඹ කියූ හැම
පසක් වූවා දැන්
දෙපා සිඹ අයදිමි
සමා ආදර මගේ අම්මේ
හැම මොහොතෙම පස්සෙන්ම සිටිමින්
වරදක් නපුරක් වෙන්නට ඉඩක් නොතබමින්
මහ මෙරක් කැපකිරීම් දුක් කම්කටොලු අපි වෙනුවෙන් විඳ දරාගෙන හැම ඉටුකරමින්
දස මසක් කුසේ දරා ලෝකයේ දරුනුම වෙදනා විදලා
ලේ කිරිකර පොවා අත් පා අඩු පාඩුවක් නොවෙන්නට හැදූ වැඩා
ලෙඩක් වූවාම නින්දක් නැතිව
අප වෙනුවෙන්ම කැපකිරීම් කල
මගේ අම්මෙි
නුඹෙී ගුණ සුවඳ අපමණයි
කියා නිම කල නොහැකි තරමට
ආදරනීය මගේ අම්මේ
 
නිසි