ගෙදරටම සිරියාව ගෙන ආපු
මගේ දෝනී
නුඹ එක්ක හැමදාම හිනැහෙන්න
රෝස කම්මුල් මැදින් සිනාමල්
පිබිදේවී
නුඹේ හඩින් හැමදිනේ මගේ සවන්
රැව්දේවී
තුරුළු කරගෙන නුඹව නෙක රහස්
කියන්නට
තරහාවී හිනැහෙමින් යළි යාළු
වන්නට
මගේ පාළු තනිකමත් දුර ඈත
යවන්නට
මට ලැබුණු මැණිකකී සසරේ කළ
පිනකට
මව් හදෙහි නිරතුරුම නුඹේ රුවයි
මැවෙන්නේ
උල්පතකි ආදරය නුඹ වෙතයි
උනන්නේ
සෙනෙහසකි ළය පිරී නුඹ මතයි
පුදන්නේ
දෝනීටයි මගේ දිවිය කැපවෙලා
තියෙන්නේ
බිදෙන් බිඳ පෙති දිග
හැරන්
පිපෙන විට නුඹ ළඟ
ඉඳන්
කැටුව යමි මාවත
දරන්
රකිමි නුඹ මගේ පණ
ලෙසින්
ආදරෙයී දෝනී මැණිකට...
නුඹ තමයි මාගේ පණටික...
***** සචී මදුෂානි මානගේ