සිහින් හසරැල් මුවේ නැගුනා
මතක මංපෙත අවදිවී
නොදැනි ගවු දුර පියා සැරුවා
ප්රේමයේ ගී හඩින් පිරුනා
හදවතේ දුක් සංකා දිදී
තනිකමේ හද කීරි ගැහුනා
නුඹ අහිමි බව දැනි දැනී........
මොහොතකට ඇමතුම් කලා
සිත් තුටුකලා අහසට නැගී
ක්ෂනයකින් දුර ඈත අදුනා
කිසිම දිනකදී නොහදුනනා වැනී....
සිහින මල් පෙතී විසිරී සැලුනා
දෑස් රැවටිලි කරමින් මිරිගුවේ ගිලී
නෙතු පියන් කදුලින් පිරී බිදුනා
ඔච්චම්කලා සිත්ලැම පෑරුම් දිදී........
එදා මෙන් තවමත් සෙනෙහේ තිබුනා
නුඹ නමට ඉතිරී සැලිසැලී
තවම නෙතු දුර රැදී තිබුනා
නුඹ එතැයි පුරවන් පැතුමන් පොදී.....
රැයක් දහවල නොදැනිම ගෙවුනා
නුඹ ගැනම ලියමින් පද කවී
සද පානේ නොනිදා මගම බැලුවා
යලි නුඹේ රුව දැකුමට පැහැදී සැදී.....
෴නිසි෴