Saturday, January 03, 2026
Follow Us
අප්පච්චි
මහමෙර තරමට ආදරයත් දී සෙනෙහස පිදු මගේ අප්පච්චි
මහමෙර තරමට දුක්ගිනි උහුලා මා දැඩිකල මගේ අප්පච්චි
මගේ ජිවිතයට ආලෝකය දුන් හිරු කිරණයි නුඹ අප්පච්චි
මගේ ජිවිතයේ ඉඩෝරයට නුඹ වැටෙනා වැහිදිය අප්පච්චි
 
සැපදී මා හට නුඹ දුක් වින්දෙ දරු පෙම හින්දද අප්පච්චි
මුතු බිහි කරලා අනුනට බෙදනාමුතුබෙල්ලෙකු මෙනි අප්පච්චි
දිව රෑ වෙහෙසී දුක් ගිනි වින්දා මා වෙනුවෙන් නුඹ අප්පච්චි
සසර වසන මේ හැම අත්භවයෙම වෙනවද නුඹ මගේ අප්පච්චි
 
රලු ම රලු පපුතුරෙන් දොරේ ගලනා සෙනේ ගඟ නුඹයි අප්පච්චි
දුවෙකුගේ ලෝකයෙන් දුර නොගිය සෙනෙහස නුඹයි අප්පච්චි
නොදුටු දෙවියන් කුමට දුටුව දෙවියන්
නුඹයි අප්පච්චි
ආයු සැප බල ලැබී දින දින වැජඹෙන්න මගේ ලොවේ අප්පච්චි 
 
- සචී මදුෂානි මානගේ