Sunday, August 30, 2026
Follow Us
සුසුමකට හේතු..
පපුව හිරවෙන හැඟුම් ගොන්නක්
විටින් විට දැනි දැනී රිදෙනවා
සියුම් ඉකි බිඳුම් මටත් නොදැනිම
කඳුළු එක්කම මැවෙනවා

දහක් අතරේ ඉන්නමුත් සිනහ වී

මූසලම තනියක් දැනෙනවා
සුසුම් සිරවී පපුව මැද්දෙම
නවතින්න යැයි යදිනවා
පූරුවේ කළ කරුමදෝ මන්දා
කඳුළු නැතුවම ඇඬෙනවා
ජීවිතේ ගැන ආස නැතිමුත්
අම්මා හින්දම දරාගෙන ඉන්නවා
 
ඉංද්‍රජිත් දිසානායක