Saturday, January 03, 2026
Follow Us
වද නොවූ වද ගැහැණු
වද නොවූ වද ගැහැණු ( ඩිවෝස් දා නැන්දම්මට කියන රහසක්)
තෙත් නැති නිසා
තවමත් කිරි තන පුඩුව
නිතරම ඇනුම් පද
නුබෙ ඇහුනෙම කඩුව
කල් ගත වෙලත්
දරුවෙකු තව නැහැ වැඩුව
එක එක නම් කියා
හෙව්වෙම මගෙ අඩුව 
දෑවැදි පුරවලම
ගෙන ආවට කාසි
උබලගෙ නිවසෙ මන්
තුප්පහි උන දාසි
මහ උන් ලොකු කරත්
එක කුට්ටමෙ ආසි
නොකැඩු සම්මතෙන්
කිව්වෙම මට වේ
__________________________________________
කුනු ගොඩ අහක් කර
පෙරලං අලුත් පිටු
නැන්දම්මත් පුතුට
අදහස දමමි පටූ
කලු ලෝගුවට හමු වෙනකොට
මොනර තටු
තුඩකට කැකිල්ලෙත් සලකති
ඉහල පුටූ
__________________________________________
මට ගිනි බිඳල
නුබ ලැබුවෙත් කුමන තොසේ
රහසක් කියමි
වෙදදුරු පෙර කිව්ව මෙසේ
බැන්නට නුඹත්
මල් නැති බව කියල ගසේ
මල් හට ගයිද
බඹරගෙ පින නැතුව කෙසේ
 
කලු ලෝගුව - ලෝයර්
කවි කාරයා (ශිතක මීදුම්)