Sunday, August 30, 2026
Follow Us
විලාප ගී
ගී ගයන සෝ කුරුල්ලනි
සාගිනි නිවන කිතුල් පැණි
නැති තැනදී බොහෝ දෙනුනැති
එහෙත් ගී මේ යැයි කියනෙමි

 ගී ගයන සෝ කුරුල්ලනි

මාරකය ළඟම දැන් එති
එයින් හඳ තිගැස්සෙන්නැති
එහෙත් එය ගීත පමණිකි
ගී ගයන සෝ කුරුල්ලනි
ආවත් හිමිදිරිය එළී
කුහුල කෑගැසුම පමණකි
එහෙත් එය ගීත පමණකි
එබැවින් මේ ගී පවසමි
කුරුල්ලන් ගීත නොගයති
වේදනා මිරිකුම් මැදී
හැඬුම විණි ගීතය වැනී
 
(විලාප ගී)
 
✍️-ජීවන්ත-