Saturday, February 28, 2026
Follow Us
ලෝකයම අමතකයි
මෘදු හාදු සුසුම් හා
එකින් එක පැටලෙද්දි
දෙතොල්පෙති උණුහුමට
ඔහේ තව හිරවෙද්දි
අපි මිසක් මම කියා
හැඟීමක් නැති වෙද්දි
මැණික මට ඉවසුමක්
නෑ ඉතින් ළඟ ඉද්දි
ඇස් උනත් පියවෙනව
හීනියට සිපගද්දි
සුවඳකින් උනත් මට
දැනෙනවා නුඹ එද්දි
පේවෙලා වගේ හරි
ආදරෙන් ලන් වෙද්දි
ලෝකයම අමතකයි
මන් ගාව නුඹ ඉද්දි
ඉතින් මන් දැන් දන්නව ආදරේ නම් ඈතින් ඉන්න බැරි වග....
 
........ඉෂ්-----