බැහැල ගියා හඳ ,පායල තිබ්බ අපෙ අහසෙ
ලෝකයක් කරතියාන ගියා, මං මගෙ උරසෙ
පුතෙක් වැඩියෙන්ම අඬන්න ඕනි දවසෙ
තුන් මාසයක් ගියා, අහන්න එපා මගෙන් දුක අඩු නැද්ද
තාත්තා එදා බෙදුවෙ අත් හතරකින් ,හාමුදුරුවන්ට අලකිරි හොද්ද
මට මතක් වුනේ දර මිටියක් බඩේ බැඳන් ආපු ගෑ.නි , එදවස බුද්ධ
ලේ කැටියක් නිසා නෙවෙයි අම්ම මැ.රු.නේ , මි.රි.කලා මේකි පපුව මැද්ද
තාත්ත ගෙනාවට ඇම්මට
අම්ම කියන්න බෑ දැන් මට
මං කිව්වෙ ගැම්මට
"අම්ම කියන්නෙ අම්මට"
මල්සරා මට විදින්න හොයපු ඊතලය අර
ඌ.ට කලින් මට හම්බුණා, ගමේදිමයි වැඩිය නෑ දුර
ටික ටික ඈත්කරන් කළුවළාවල තිර
සබාගත වුනා මට ආයෙමත් ඉර
ඇඳේ වැතිරිල හිටියෙ මං ඇහැ දෙකට බෙදලා, බාගයක් ඇරන් ඉතුරු බාගෙ පියා
"වැස්ස කියන්නෙ වලාකුළුවල රමණයෙන් පස්සෙ වෙන දෙයක්," එහෙම හිතිල මට හිනාත් ගියා
එතකොටම හඳේ හිස්තැන වහන්න තාත්ත ගෙනාපු තරුව ,උල්කාපාතයක් වෙලා මගෙ ඇඳට වැටුණා, රාමුව අහකින් තියා
මාත් වැරදියි ඒත්,
අඬන්න හිටිය ඇහැට ඇනපු ඇඟිල්ලක් එයා
තඩි පසුතැවීමක් එක්ක 'කාලය' විසින් ඒ සිද්ධිය වැහුවා
ඉන්පස්සෙ ඌ පස්ස නොබල දිව්වා
ගං කණ්ඩියෙ හවසට මායි මගෙ කෙල්ලයි පෝරුවල අපිව මැව්ව
ඒව දැකල කුඩම්ම අපට රැව්වා
කාලය පස්ස නොබල දිව්වා...
"මචං පහළ වත්තෙ මුල්ල
දම්මි වැ.ලදාගෙන බෙල්ල
දෙයියනෙ මගෙ නැතිවෙච්චි අම්ම පල්ල
ඒ මං ඔළුව විතරක් ආදරේට ඉඹපු කෙල්ල
දම්මිගෙ , අම්මගෙ, මගේ කඳුළු සේරම පතාක දුකක් වුණා ක්ෂණයෙන්
දුකට හේතුව හිටියෙ උයමින්
දුක නැතිකිරීමේ මාර්ගය පෙනුනා ,පිඟන් රාක්කෙට ඉහළින්
දුක නැතිකළා මං , වාරගණන මතක නෑ , හැබැයි අම්මගෙ පපුව හිරවෙච්ච තැනට පහළින්....
- නි දු කි -