Saturday, January 03, 2026
Follow Us
හැරයාමට පෙර බිරිඳක් ලියයි
දෙමාපිය මගෙ බල කිරිල්ලට
නුඔත් සමගින් දෑත බැදුණා
නොදැන පැටලුන උබත් සමගින්
කඩුල්ලක් නැති වැටක් බැදුණා
සුරා මතයෙන් ඇවිත් නිතරම
නුඹ මගේ හදවතෙම දැවුණා
සමාවෙනු මැන උබේ ප්රේමයෙ
මහත්තයො තව හිඩැස් තිබුණා
_________________________________________
හැමදාම උබෙ වචන කඩු වගෙ
මගෙ පපුවෙ එය ඇනිල තිබුනා
හිතේ ගින්නට කියූව හැම දේ
ඇස් වහන් ඔහේ අහන් උන්ණා
ආදරේ මට කරන වග නම්
මතක නැහැ නුබ දොඩා තිබුණා
නියගයෙන් පසු වැටෙන වැස්සට
තෙමෙන්නට මට හීන තිබුනා
_________________________________________
පිරිමි පපුවක් නුහුරු නුපුරුදු
මට සිලුටු බව හුගක් දැනුණා
රෑන තුන් පත් වෙන්න හැගුමක්
දින බලාගෙන ලියා තිබුණා
වසත් සමයේ පල දරන් නැති
රුකක් ගැන නුබෙ සුසුම් හෙලුණා
කිරි මව්න් දානෙට වඩිද්දිත්
මටත් පස්සෙන් යන්න හිතුණා
_________________________________________
හිඩැස් නැති ප්රේමයක් ලබනට
නුඹට කල හැකි දෙයක් තිබුණා
උඹෙන් නොලැබුණු ගොඩක් දේවල්
උගෙන් හරි ලස්සනට ලැබුණා
වැරැද්දක් බව හිතට දැනුනත්
මගේ හිත උගෙ ලගින් රැදුණා
රැගෙන යනකොට වසන්තය වෙත
ඉඩෝරය වෙත තිතක් තිබුණා
_________________________________________
ලොවට රහසින් වුණත් හීනෙන්
හරිම ලස්සන පාට කෙරුණා
වැරැද්දක් බව හිතට දැනුනත්
මගේ හිත උගෙ ලගින් රැදුණා
උගේ සතුටට ලැබුන සෙනෙහෙට
මගේ දෙතනට කිරිත් එරුණා
උබේ පොකුනෙම උබේ නොවුනට
උබේ සුවදට නෙලුම් පිපුණා
 
කවි කාරයා ( ශිතක මීදුම් )