Saturday, January 03, 2026
Follow Us
සකල සතටම සෙත්පතන්
නවාතැන් පළ සසර කතරේ
අතර මග අපි නවතිමූ
ගිමන නිවුනම ගමන යමු අපි
සතුටු ගඟුලේ පිහිනමූ
සිනහ කැන්දන මල් දෙමූ
පෙරුම් පුරනා බෝසතුන්ටත්
මාරසේනා සිටියෙනම්
ඉතින් කොහොමද අපට නැතිවෙද
කතා කුමටද තව ඉතින්
කඩා වැටි සිත දිවා රෑ දෙක
මනා සිහියෙන් රැක සිටන්
පුරන් වූ සිත වගා කරපන්
සකල සතටම සෙත්පතන්
 
පද:- ප්රියන්ත දුනුසිංහ