Saturday, May 03, 2025
Follow Us
ගසකින් වැටී ගත පන නැති උන සැමියෙක් ලියයි
මලින් ඉහිරුනු චීත්තෙට වැඩ
උබේ ඇති සිනහවෙ හැඩක්
කරට රන්වන් මාල දමනට
උකස් කඩයෙන් නෑ ඉඩක්
පොළොවෙ පෑගෙන මැට්ටේ සීතල
දැනුනෙ මට වැස්සට මහ හුඟක්
ඇහැට කඳුළක් එක්කළා මගෙ
උබේ කරුමෙද නැ වැඩක්
__________________________________________
පිපුණු මල් අද පරව වැටුනත්
පලක් නොදරපු දඹ ගසේ
උල ලේනො මක් නිසා ඇඬුවද
දන්නෙ නැහැ හඩනම් ඇසේ
ගෙදර දොරකඩ මන්ම ඉන්දපු
දාස් පෙතියා මල් ගසේ
නටන මී මැසි කැලක් දුටුවද
දැක්ක උංටත් හරි විසේ
__________________________________________
ඉද හිටක ගුගුරලා වහිමින්
තෙමෙනවා වැසි චිරි ගගා
දනිමි මම උබෙ මැව්ව හීනය
මැණික හිස් කුස අත ගගා
දෙපා වාරුව නැති පවට මගෙ
උබේ කරුමෙද හඩ නගා
වඩින කිරි මවු වරුන් දැක්කම
හඬනවද හිත මොර ගගා
__________________________________________
වැටේ ඉනි පැල කඩුලු ගැලවෙන
හඩ ඇසී සිත උනි ගැතී
මා වවුලො සැරිසරයි වටපිට
සොලව සොලවා අතු ඉතී
දෙපා වාරුව නැති උනේ මගෙ
අත්ත බිදගෙන බිම වැටී
මගේ යහනෙන් හොරෙන් පියඹා
කොහේ යනවද සඳ වතී
__________________________________________
අඳුර කැන්දන් පාළු ගෙපැලට
ගොම්මනේ වැහි පොද ඇදන්
ගෙදර එළියට පහන තිබ්බට
පහනෙ එලියද හොරු අරන්
කට්ට කලුවරෙ එලියෙ ලී ඇද
අඩනකොට තාලෙට වරන්
වඩින කිරි මව් වරුන් අතරට
නුබෙ රුවත් එහි එක් කරන්
 

කවිකාරයා