Saturday, May 03, 2025
Follow Us
බිරිදව ඩිවෝස් කරපු සැමියගේ පාපොච්චාරනයයි
වෙඩින් එක දා තෑගි සාරිය
අදත් ඇඳගෙන ඇවිත් තිබුණා
ඇගිල්ලේ රන් මුදුව විතරක්
ටිකක් ඉහලට ඇවිත් තිබුණා
ඇගේ අම්මගෙ අතින් අල්ලන්
හොරෙන් බල බල කදුලු හැලුණා
සමාවනු මැන මටත් අවනත
නොවී මගෙ හිත දුවල තිබුණා
_________________________________________
ගොඩක් නොම යන පාළු පාරක..
මම දුරක් ඇවිදලා තිබුණා
වෙනත් ලදකගෙ පෙනුන දගකම්
වලින් ගෙල වට සිරී තිබුණා
තවම ආලය සිතේ ඇති බව
ඇස් වලම නුබෙ ඇදී තිබුණා
එහෙම නැතිනම් මගෙත් වගතුග....
නුබට එලියට දෙන්න තිබුණා
________________________________________
මචං එහෙනම් සුභ පැතුම්! මගෙ
ඔන්න නියමෙට ගේම ගැහුවා
කළුම කළු ලෝගුවක් ගුන ගැන
කිය කියා මගෙ වැරදි වැහුවා
ඇගේ තුන්වෙනි සිල්පදේ මං
හතරවෙනි සිල් පදෙන් කැඩුවා
තනේ කඩලා පොළවෙ නොගහා
ඈ සුසුම් බිදු පොළවෙ ගැහුවා
 
කවි කාරයා ( ශිතක මීදුම්)