Wednesday, April 15, 2026
Follow Us
මිනිස් ගඟ දුටුවෙමි
මිනිස් ගඟ දුටුවෙමි..
කිරි මුහුද වට
සියසින්ම..
අතීතය මෙබදු වන්නට යැයි සිතා..
එදා දෙව්රම මැවුණි..
දහස් ගණනකගේ එකම අභිලාෂය...
දින ගණනක් පුරා..
සිතුවිලි වල ජවය..
අනේකවිධ ධෛර්ය..
කිරිසප්පයන්, කෙස පැසී වියළුණු වුන් අතර පවා..
බුදු හිමි දුටු ලෙසට දැනුණි ඔවුන් දුටු විට..
සිත පිනා යන අලෝකයක්..
එක හිතින් පතමි..
සියල්ලටම හැකිවන්නට උත්තම ධාතු වන්දනා....
 
✍️නිලුෂිකා ධනංජනි සෙනෙවිරත්න .