Saturday, January 03, 2026
Follow Us
අදරනීය සැමියාටයි
ආදරනීය සැමියාටයි..
උබේ ආදරෙ පතාගෙන මේ..
පැලට ආ දින පසූ
ලෙඩට බේබදු කමම විතරයි
උබගෙ ලග ඇති ඔසු
ගෙයින් ගෙට ගොස් පයින් ගාටා
කලක් වික්කත් කොසූ
ගෙදර වියදම් ගෙවන්නටවත්
සතේ නෑ ලග මසු
_________________________________________
කුසට කුස ගිණි දැනෙන කලකට
ලිප් ගලත් නිස් සද්දයි
හිසට සරනක් නොමැත, විසදුම
අසම්මත පෙම් මද්දයි
ඉනට නැත කීකරුව ලගකදි
ඉදන් තද උනු රෙද්දයි
ඇළුම් දුන් ඒ එකම දෙය මේ
වෙඳැගිල්ලෙ මැදි මුද්දයි
_________________________________________
ලොවට මිනිහෙක් කියල හිටියත්
නමුත් ඌ හිටියේම නමට
අනේ උන්දැට වගක් තිබුනද
වෙලා රූකඩ වගේ හැමට
හිතක් නැතිමුත් දැලේ පැටලුන
තෝර මෝරෙක් ගන්න ඇමට
පැලට සොම්නස සතුට ලැබුනම
කඩුව දෙනු මිස,කොපුව කුමට
_________________________________________
කොහෙන් හරි ගිනි වතුර බීගෙන
ගෙදර ආවෙම සැරට පුම්බා
පිටින් සහලක් කන්න හිතුනත්
නිතර කෑවේ නිව්ඩු සම්බා
උබට රහසින් එකෙක් එක්කන්
පව්රු බැන්දත් හොරට කම්බා
උබට හැකිනම් වෙන්න සිදුහත්
මටත් බැරි නෑ වෙන්න බිම්බා
 
කවිකාරයා