Saturday, January 03, 2026
Follow Us
 අවසරද ප්‍රේමිය
රිදුම් රිදවන තැනක
නුඹ නමින් පිච්චෙන්න...
එක් වෙන්න හිමි නැතත්
මැරි මැරී ඉපදෙන්න...
කඳුලු මල් මුහු වෙච්ච
මතකෙකින් සැනසෙන්න..
පියාඹන්න අවැසිනම්
සුවඳ මට දී යන්න..................
එක්වීම හිමි නොමැති
සෙනෙහසින් ලං වෙන්න...
පුරුදු ඉමිහිරි මතක
වැහි පොදක ගැවසෙන්න..
ඉපැරනිම ගී පදක
කඳුලු බිඳු සඟවන්න...
උරහිසේ හිස තියා
ක්ෂණයකට ගුලිවෙන්න............
අමාවක කලුව ලඟ
තරුවක්ව පෑදෙන්න..
කදුලු පිරි හීනයක
සිනහවක් තවරන්න...
රහැන් බැඳි සිතැඟියක
වෙන් නොවී එක් වන්න....
හුස්ම නවතින තුරුම
මගෙ ලඟම හිනැහෙන්න............
" අවසරද ප්රේමිය,
ඒ ගමන නුඹට පෙර
මට යන්න..........................