Saturday, January 03, 2026
Follow Us
මල්වරය
අඳුරු වළා ගැබ දෙබෑ කරගෙන
සුපුන් සඳ අද හිනැහුනී
වළාකුළු පිරි අහස එය දැක
කඳුළු වැහි බිඳු පුද දුනී

සඳ වතුර මැද පිපි කුසුම් දැක

ර්ශ්මි විහිදා සැනසුනී
සීත වතුරට ඝණවු උන් තුඩු
හංසයන් විහිදා උනී
වළා ගැබ'විත් සුපුන් සඳ ගෙන
දෑත වටකොට සඟවා ගතී
එළිය විහිදා බබළ බබළා
ඇතැම් තරු කැට රැස් කතී
අඹර මත හිඳ ලොවක් සනසන
සඳේ එලියට වහ වැටී
දඟලනා බොහො කදෝකිමියන්
ඔල්වරන් දුනි බිම වැටී
 
ප්රදිප් වර්ණකුලසූරිය