Saturday, January 03, 2026
Follow Us
බිඳුණු හදවත.

පපුව හාරවන පිහිතුඩු

වචනවල හරි රහට අමුනා
විස කවපු පොඩි කිනිස්සක
විස පපුව මැදටම තදට දැනුනා......

 

හිතේ කොනක ම නුඹේ සුවදම
හරි පරිස්සම් කරල තිබුනා
බිඳුණු හදවත කෑලි අතරට
දුක් කදුලු වැල් දෝරේ ගැලුවා .......
කතා නොකරම දුන් බැලුම් වල
තිබුන හීසර පහර හන්දා
නොදැන දැන දැන වැටුන වලටම
ආයේ පාරක් නොදැනි වැටුනා....
හදවතේ ඇඳි පාට සිතුවම
පාට දියවී ගලා හැලුනා
දුටු හීනවල තිතක් නොතියම
හුස්ම හිරවී යනවා දැනුනා......
- Ac -