Saturday, January 03, 2026
Follow Us
හිමි නැතත් නුඹ පිපී සුවදක්ම දෙනු මැන
කවියක් දැක්කේ නෑ ඔයාගෙ "
කෙටි පණිවිඩයක නුඹ තවරන විට
කවි ගගක් මා නුඹට ලියූ බව
කියන්න ඕනෙම ද පුන පුනාමම ...
.
ගැලරියේ රහසිගත එක පතුලක
හංගලා තිබුනාට නුඹේ ඔය වත
එක් වරක් දෙවරක් තුන් වරක් නොව
සියවරක් වත් ඇවිත් යන බව දන්නවද නුඹ ....
දහසකුත් එකක් දොස් පවරන විට මට
කිසිවක් නොකියාම මුනිවත රකිමි මම
උරුම නම් දුර ඉදන් වත් නොදකින එක
හිමි නැතත් නුඹ පිපී සුවදක්ම දෙනු මැන .....
 
නිර්වාණ......