Saturday, February 28, 2026
Follow Us
යන එන ගමන්
යන එන ගමන්
ගොඩ වැදෙන්නට
ආසයි මට
ඔබේ නිවසට

සිනහ සී ගෙන

ඔබ පැමිනෙනු ඇත
මා වෙත
ඉතින් කොහොමද
හුඟ කාලෙකින් දැක්කෙ
එන ඇතුලට
වාඩි වෙන්න
සීනි වැඩියෙන් දමා
ඔබ ගෙනෙන තේ එක
තොල ගාමි(දිය වැඩියාව තිබුනද)
ඔබේ නෙත් දෙස බලාගෙන
නෝනට කොහොමද
සනීපෙන්ද
දරුවෝ දන් ලොකු ඇති නේද
අපේ මහත්තයත්
ලඟකදී ඉඳන් ලෙඩ ගානෙ
අපේ ලොකු පුතා ලඟදි බැන්දනෙ
නර කෙසක් දෙකක් තිබුනට
එදා වගේමයි බොකුටු කොන්ඩය
බට පතුර වගේ හිටිය කෙල්ල
දැන්නං ටිකක් ආරලා
අතීතයේ උන්නු හැටි
අත් අල්ලන් ඇවිදපු හැටි
සිනා වුන හැටි
අඬපු හැටි
රණ්ඩු කල හැටි
ඔබ මුවින් අසන්නට
යන එන ගමන්
ගොඩ වැදෙන්නට
ආසයි මට
ඔබේ නිවසට
 
M.G.Perera