Sunday, August 30, 2026
Follow Us
නුඹ ලඟින් නැතුවත්
සඳ නැතුව ගෙවීගිය අරුමැසි සැඳෑවල
තාරකා දෙස ඇස් යොමා....
මලානික වු අඳුරු සිතුවිලි
දීප්තියකින් හැඩ කලා.
..
ප්රේමයෙන් රංජිතව
ආලිංග රැගුමක රස කියා...
රැහැයියෙක් කියන කවියක
පදපෙලක් අඳුරක තනිවුනා...
විප්රවාසී හදක් ශේෂව
මතක මැදුරක තනිවෙලා...
නුඹ නොදැක සිටි නොබෝ දිනකින්
සියවසක් කල් ඉක්මුනා..
ඇස් අගින් ඉඟිමරන තරුකැට
අඳුරු අහසෙම දුර තියා...
සඳ මගේ නෑවිදින් හිටියත්
එලිය ඇත හදවත පුරා...
 
-.ඉන්දුල