Saturday, February 28, 2026
Follow Us
දිනෙක අම නිවනකි
අන්දලා සුදු ඇදුම් හැඩකොට
මල් වඩම් තනියට තියා
හද සුසුම් ඉකිලමින් කදුළු
පිරි දෙනෙතින් දයා
බලා මා ලගින් උන් අයත් ඉදී
බොහෝ දුරකින් නොයා
දැනෙන විට සිත මදක්
තිගැස්සෙයි කිම කියා....
හැර දමා සසරෙ බැමි යා
යුතුම දිගු ගිමනකි
ඉපිද මැරෙන යලි ඉපදෙන
නොනිමි ගමනකි
දන්නවා ලොව දහම ඒ බවත්
මදක සුවයකි
ජීවිතේ නියත බව බුදුන් දෙසු සේ
දිනෙක අම නිවනකි...
 
නදී ඉලන්ගම