Saturday, February 28, 2026
Follow Us
සෙබල ප්‍රේමය
සසර යා කළ රන්හුයෙන්
බැඳුනමුත් දෑගිලි වැරෙන්
දේශසීමා එකට යා කළ
රේඛාව ඇත ඉදිරියෙන්
නුඹව සුරකින්නට වරම්
දේශයේ සුරැකුම මතින්
පා තියා ඇවිදින කලට
ලැබෙයි මට හරසරින්
මගේ පපුවේ නැලවෙන්න
දින ගණින නුඹ දකිමි
පණ ලැබුවේ ඒ පපුව
මව්බිමේ අනුහසිනි
දිනෙක මේ හුස්ම පොද
ගිලිහුණොත් යුධ බිමේ
සුළං රැල්ලක දවටා
එවමි මම පණිවුඩේ
දිවි පිදූවත් මව්බිමට
අන් සිහින සුරැකීමට
ආදරිය දුර හිඳින කල
මගේ පෙම අවතැන්ය...
 
✍️හසලි සෝමවර්ධන