Sunday, August 30, 2026
Follow Us
යළි මල් පිපෙන තුරු
හොඳම පිළිතුර නිහඬ වීමද
සෙමෙන් සමුගෙන නික්ම යෑමද
වචනයට පෙරලන්න බැරි උනු
හැඟුම් ඇති අපමණක් සිරවුණු...

රිදුණු බව තව දැනුනේ නැතිනම්

කුමට පළ නැති තැනක ලතැවී....
දැනුණු තැන හිඳ විඳ දරා ගත්
යුගාන්තයේ මල් කොහෙද පිපුනේ....
පුපුරා ගියත් යුධ වැදි මේ හද දෙදරා
පුදසුන දරා ඉවසාගෙන ඇතිද බලා
වැටුණත් හඬා ගිම්හානයේ කවුළු වසා
යළි මල් පිපෙන තුරු දෑගිලි ගනිමි බලා...
 
දමින්ද දේශප්රිය රණතුංග