Saturday, February 28, 2026
Follow Us
පෙම් ගීතය
දෛවයෙන් එකහෙළා ඉල්ලමි
දෙන්න ජීවිත යුක්තිය....
ඉතින් ආසම සතුට විඳිනට
තොරව ප්රාණෙක බුක්තිය....
කොට්ට ඇතිරිලි පමණි දන්නේ
අඬපු තරමක විත්තිය......
දිවිය සම සේ දරාගන්නට
දෙන්න දෙවියනි ශක්තිය...
වැස්ස නොවැටි කාෂ්ඨක වූ
තණ නිල්ලයක් විලසට...
හුස්ම ඇඳ ඇඳ වාරු ගත් හැටි
වේදනාවකි හිතකට.....
රස්තියාදුව උණා දැන් ඇති
හීන පොදි බැදි , හීනෙට....
පිටස්තර තනු වලින් කම් නැත
මම ලියූ පෙම් ගීයට......
 
සේපාලිකා විතානගේ