Saturday, January 03, 2026
Follow Us
අහිමි වෙන්නේ නෑ
නුඹට තරම් ආදරයක්
වෙන සිතකට නෑ
නුඹව තරම් දැනුනන කෙනෙක්
තවත් මෙලොව නෑ

 සසර සරන තුරා නුඹෙන්

ඈත් වෙන්නෙ නෑ
නුඹව නොමැති ලොවක් ඉතින්
මම පතන්නෙ නෑ
දිවිය දිනුවෙ නුඹ හින්දයි
නෑ කියන්න නෑ
නුඹ නොමැතිව දිවි ගෙවන්න
විදිහ දන්නෙ නෑ
නුඹ නොමැතිව එක මොහොතක්
තනිව ඉන්නෙ නෑ
නුඹට හදේ දුන් ඉඩකඩ
අහිමි වෙන්නෙ නෑ
 
-ප්රදීප් වර්ණකුලසූරිය