Saturday, January 03, 2026
Follow Us
ගල් කල හදවත් ගිණ්නෙන් රත් කල
මව්පිය සෙනෙහස නිවසේ සැනසුම
පවුලක් විලසින් වින්දේ උණුසුම
තරුණ ළමා විය ගෙවුනේ එලෙසම
සතුට මිස දුකක් නැහැ ඇය දුටුවෙම

 ආදරයෙන් සිත කැළඹූ ඇරඹුම

සොඳුරුයි ගත සිත ගිලගත් පහසම
පැණි සේ මිහිරියි සිතුවත් ඒ පෙම
බොඳවී නැසුනා සොඳුරුම සිත්තම
පැතූ පැතුම් වැල් කැඩිලා යනවිට
වැල්ලේ ඇඳි ඉරි මැකිලා ගිය විට
දරුවන් ගේ බර වැටිලා කරපිට
පන්නර ලැබුවේ තැලිලා යකඩෙට
ලඳ බොලඳියගේ පෑරුනු හදවිල
සවිමත් කෙරුවේ ඇවිලුනු ගිණිහල
ගිණ්නෙන් ගල් කල සිතකින් බිහිකල
ගැහැණිය සවිමත් යකඩෙන් මතුකල
 
- ලලිත් ජයකොඩි