Saturday, February 28, 2026
Follow Us
හදවතේ රිද්මය
පියෙන් පිය විත් සෙමෙන් ලං උන
සැලෙන නෙත් පිය රහස් මුමුණන
නලල් තලයේ හාදු තවරන
පින්බරයි ඔය සිහින් සිනාව

පාට දේදුනු පායලා එන

අතර ලියනා මේ අකුරු පද
රෝස පෙත්තක අමුණලා මම
එවන්නම් පිළිගන්නවද නුඹ
සිහින ගෙනෙනා සොඳුරු යාමය
හදවතේ රිද්මයත් නුඹ විය
කඳුලු අතරින් අරුත් පෙනුනට
ලියවෙන්නෙ සිත නුඹෙන් පිරුනම
 

Yureni Premachandra