Thursday, October 15, 2026
Follow Us
ඉගෙන ගත්තට කෝ මචං සල්ලී
පොත් බෑග් එල්ලගෙන පොඩි උන්ව දැක්කාම
මතක් වෙයි මට එදා ඇවිද ගිය කටු පාර
ජීවිතේ දිනන්නට අඩි තියා සීරුවට
කුමට නම් ආවාද අද සිතෙයි සන්සුන්ව…

 ජීවිතේ පෙරළියක් දකින්නට හැමදාම

හිතාගෙන මාරුතේ අපි දිව්වෙ මැරතන්ය
ඉතින් මා මිතුරනේ හති හැදෙයි ලඟ සිටම
වාඩි වී ගිමන් හැර යන්න ඇත්නම් නේද…
වසර විසි හතරක්ම අතේමය පොත් බෑග
කළු ලෝගුවෙන් පසුව තේරුනේ මේ අවුල
පුන පුනා පැන පැනා දැනුම ගොඩ ගැහුවාට
කෝ මචං සල්ලි දැන් අම්මටත් ලෙඩ නේද ?
 
-යාන් කාරයෝ