Thursday, January 08, 2026
Follow Us
වාරු නෑ හිත
එදා හරියට පෝය දවසක්
පුරුදු රස්සාවේ දිනක්
ටිකක් අමුතුයි හිතට වෙනසක්
තේරුමක් නෑ හේතුවක්
ඕඩරේ ඇවිදිල්ලා කියලා කියද්දී
තව මිනියක් අරන්
ෂොට් එකක් අරගෙන එහෙම්මම
ගියේ පිහි තුඩු ටික අරන්.......
ජීවිතේ කොයිකවුරු හිටියත්
තනිවීම නියතයි කියා
ජීවිතේ අනියතේ විස්තර
තනි හිතින් මන් හිත හිතා
වෙනද වාගෙම රෙද්ද වහලා
තිබ්බ මිනියට ලංවෙලා
බැලුවෙ අද මන් හැඩ කරන්නේ
කාගෙ රූපයදෝ කියා.......
සුදු මූන වල ගැහුන කම්මුල්
ඒ වගේමයි එහෙම්මයි
පියවෙච්ච ඒ ඇහේ අගිසේ
කදුලු මිදිලා මහ ගොඩයි
දෙයියනේ මගෙ ඇගම පණ නෑ
වාරු නෑ හිත කකියවයි
මගේ ඇස් ලග මැවී හිටියේ
ප්රථම ප්රේමයෙ සොදුරියයි.......
 
-සමුදි ජයසිංහ