Friday, January 09, 2026
Follow Us
රොන් සලා පර වෙන්න ඉස්සෙල්ලා
විසිරි පෙති දිනෙක බඹර තුඩු සැරින්
යලි එක්කරනු බෑ විලඳ මී පැණින්
තබා පූජාසනයක පුරා හද බැතින්
පතනු කෙලෙසද සසර කෙලවර ඉතින්

රේණු බිඳි නොම නතර වී නම්

තලා පොඩි කල පෙති තවම ඇති නම්

සුවඳ ඉඳ හිටක විහිදයි නම්
කමක් නැ මන් මලේ ළඟ ඉන්නෙම්
රොන් ගත්ත බඹරුන්ව නොඅසන්නම්
රිදුණු තැන් වල පිරිත් පැන් ගවසන්නම්
අඟුල් මල් ගෙන් පිහිට ඉල්ලුවෙනම්
මගේ වගෙ ඒ කැකුළු සුරකින්නම්
කලක ප්රේමෙන් රැක්ක මල හින්දා
පැන් ඉසා පෙති ඉම්බ සඳ හින්දා
රොන් සලා පර වෙන්න ඉස්සෙල්ලා
යලිත් ජීවය දෙමී පෙම හන්දා
 
ලුසී