Friday, January 09, 2026
Follow Us
මගෙ සදාදරණීය සුපෙම්වත
මගෙ සදාදරණීය සුපෙම්වත......., 
සදාදරණීය සුපැතුමක් ඔබට......., 
ලැබූ සුබ අලුත් අවුරුද්ද ඔබට සුබ වේවා.....
ඔබට ජය වේවා.....

 සිත සොඳුරු පැතුමන් දළු ලා වැඩේවා.....

සිත් පෙළන පීඩා දූරීන්භූත වේවා.....
හද දවන සුසුමන් ඔය සොඳුරු සිත අහලක නොයේවාා....
⁣දෙනෙත රිදන කඳුළක් කිසිදා නොවේවා ...
ඔබ යනෙන මඟ දෙපස සුවඳ මල් පිපේවා.....
ඔය සෙනෙහෙබර සිතේ
එකම හිමිකාරිය වූ මා.......
අප වන්දනීය වූ ආදරේ නාමයෙන්.....
සියලුම සෝ තැවුල් ඔබට හිමි නොවී
මට පමනක්ම වේවා.....
ඒ සියලුම දරාගැනීම් කෙළවර.....
ඔය සෙනෙහස සංසාර සංසාරයේදී
මගෙම පමනක් වේවා......
මටම හිමි වේවා ....
 
෴෴ සඳ රටා