Wednesday, July 15, 2026
Follow Us
ස්තූතියි
කාලයත් සමග මා තුළ වූ
ආලයද
යල් පැන ගොස් ඇත
මා සිතේ නුබ වෙනුවෙන්
ඇවිලුනු ගින්නද
දැන් නිවෙන්නට ආසන්නය
ඉතිරි වූ අලු රොඩු
"මතක"
නමින් සුන් බුන් කිහිපයක්
ඉතිරිව ඇත
කුමක් කරන්නද
යලි අවුලවන්නද
දැං නිවී හමාරයි.
නමුත් හදේ ඇවිලුන
ගින්න
තාමත් එලසමයි
අවසානයේ හදෙහි
ඉතිරි වූ දුමාරය
ස්තූතියි
මෙතෙක් කල් දුන්
උණුසුමට
 

-PRAMU