Monday, April 29, 2024
Follow Us
එපා තවත් පමා වන්න
වැස්ස ඉතින් හනික එන්න
මිහිකත ගිම් නිවාලන්න ____
වැහි ලිහිණින් පියාඹන්න
අහස පුරාවට දකින්න _____

සුනිල වලා ඔඛ ඇදෙන්න

හිරු රැස් සගවා දමන්න ____
මන්දාරම් අහස් වියන
වැහි සළු පිළි පොරව ගන්න ____
ඇල දොළ ගංඟා පිරෙන්න
වැස්ස ඉතින් පා කරන්න _____
දංණ්ඩි පැටව් දිය කෙලින්න
සතුටට උඩ පැන නටන්න ____
තුරුලිය හිස දිය නාන්න
අළුතින් සළු පිළි අදින්න _____
මල් පෙති මත මුතු බදින්න
පින්න සීත ගත වෙලෙන්න ____
නිල්ල පිරුණ කෙත දකින්න
බන්ඩි ගොයම හිනා වෙන්න ____
වැහි දෙව්දුව ඉතින් එන්න
එපා තවත් පමා වෙන්න
-sara sada