Tuesday, May 06, 2025
Follow Us
මං ආසයි
මං ආසයි මත් වෙන්න
හිතේ පොඩිවෙලා තෙරපෙන
හැඟුම් එක්ක
ඔව් මං ආසයි
මදුවිත නැතුවම මත් වෙන්න
...
රස්නෙට ගෙල පාමුල වදින
නුඹේ සුසුම් උණුසුමට
දෙතොලින් පටන්ගෙන
සිරුර පුරා දුවන
නුඹේ අනුරාගී සුසුම් වලට
මං ආසයි අවනත වෙන්න ...
නග්න සිරුර පුරා තෙරපෙන
නුඹේ ඇඟිලි චුම්බනයට
පිට පුරා රූ මවන
ඔය දසන් පහසට
ඔව් මං ආසයි
නිදි නැතිව වැතිරෙන්න...
විටක නුඹ සතපවා
ඔය සෙනෙහෙ විඳින්න
මේ දැනෙනෙ හැඟුමන්
ඔය හිතට කාවද්දන්න
මං ආසයි ආදරයේ
උච්චම ස්වර නුඹ ලඟ වයන්න...
හැමදාම හැමරෑම
නුඹට තව ලං වෙන්න
සිත පුරා නලියනා
හැඟුම් කඳු දියවෙන්න
ඔව් මං ආසයි
නුඹ ලඟම පිච්චෙන්න...
ඔව් මං ආසයි
මා මත් කරන
ප්රේමණීය ඇස් ගාව
අනුරාගී සුයාමයකට
මැදියමෙත් ඉඩ දෙන්න...
මදූ✍️