Saturday, January 10, 2026
Follow Us
කදුළු මිණිකැට
සියුම් සියපත මතින් අැදෙනා
පිනි බිදක පහසකට ලොල් වන
සිත් අහස මත කදුළු හංගන
හසරැල්ලක දුක රදවන

අර්ථයක් නැති අර්ථයක් අැති

වදන් එකිනෙක අැමිණුනා වෙද
පාට පාටින් හීන හැඩවුව
කළු සුදු සිහිනෙක තනිය කිම
සැන්දෑ කාලෙක චන්ද්රා පායන
අමාවකට දුක අහන්නෙ කවුරුද
වීණා සත්සර හදවත ඉකිබිද
නිසසල රැයකට කදුළක් එක්විය
 
-මල්ෂානි මධුමේඛලා