Tuesday, April 21, 2026
Follow Us
නුඹ දුන්නු සිහිවටන
අගුළු ලෑ පෙට්ටියේ
නුඹ නමින් බැදුණු මතක
අගුළු නෑරම ඉන්න
සපත කළෙ මා මටම

 නොසිතූම වෙලාවක

හුරු පුරුදු සිදු දාම
නෙත ගැටුනෙ අහම්බෙන්
ඇර අගුළු නොදැනීම
හීනයෙන්වත් එපා
පෙනෙන්නට ඒ මතක
එතරම්ම අමිහිරියි
නුඹ දුන්නු සිහිවටන !!
 
✍?චාපා