Tuesday, January 13, 2026
Follow Us
ඒකපාර්ශ්වික පෙමකි
ළමාකළ සිතින් බැදි පෙම
ඒකපාර්ශ්වික පෙමකි එය
ඇය අන්සතු ලෝකයන් තුළ තනිවන විට
කිසිත් නොපවසා බලාසිටින්නට
සිදු වුනි මට
මක් නිසාද යත්,
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට
බැරි නිසාවෙන්ම විය
ඒ කැලික්ටස් දෑස් වලට
පෙම්බැදි තරම් ඇය සිහිනකින්වත්
නොදකින්නට ඇත
අංශූ මාත්රායකුදු නොවිදින්නට ඇත
මා සතුව ඇයගේ පින්තූර නොමැති නමුදු
ගණනය කළ නොහැකි තරම්
ඡායාරූප හදවත් ගැලරියේ අදටත්
හරි පරිස්සමට ඇත
කටකාර නමුදු ඇය
හරි අහිංසක කෝපි පාට ගැහැණු ළමයෙකි
සිහිනිගකින් යුතු වුවත් ඇය
හැඩකාර යුවතියකි
මූහුණට හමුවුණ විට
ආඩම්බරකම් පෙන්නුවත්
පිස්සු කෝච්චියකි
අඩුවකට ඇත්තෙ
දැනෙනවා යැයි සිතෙන හැමතැනකම
නතරවීම පමණකි 
ඉතින්
කැලික්ටස් දෑස් හිමි
කෝපි පාට සොදුරිය
අයිතියක් නොමැති වුවද
හිතින් පෙම් කළ බව පමණක් ලියාතබමි
 
-Prageeth