Tuesday, January 13, 2026
Follow Us
සීතල දෙසැම්බර්
ලස්සනට මීදූම් ගෙත්තමින් රටා මවන..
මල් මත පිනි බරව නිසලව ලැජ්ජාවෙන් හිනැහෙන..
සියොත් කැල ගුලි වෙලා පමා වී ඇහැරෙන..
සීතල දෙසැම්බරය එන්නත් කලින්ම..
මේ ඇස් මග බැලුවේම වැට කඩුල්ල දිහා..
ලස්සන මතක දෝත දරන්..
මේ නිවාඩුවට කලින්ම ඔබ එයි කියා..
සීතලට ගුලිවෙන්න විතරක්ම නෙවෙයි ..
ආදරෙන් හදන උනුසුම් කෝපි කෝප්පයක් තොල ගාමින්...
ආ ගිය තොරතුරු අතෝරක් නැතිව කියවන්න