Tuesday, January 13, 2026
Follow Us
පින්බිම
පින්බිම කීවට අපි හරි උජාරුවෙන්..
උපදින පොඩි එකත් නයයිලු බර ගානෙන්..
මසෙම මැරිලා ගන්නා ඒ පොඩි ගානෙන්..
කන් නෑ ලෙව කනවා හම්බෙන ඒ ගානෙන්..
අපමන අගය දෙන්නට හිවලුන් ආවා..
රට රැකුමට පිටරට විරුවන් ආවා..
අවුරුදු හැත්තෑ ගානක් උන් කල ඒවා..
නගුලට අපිව බැඳගෙන උන් රට හෑවා..
නිවසක් හදන් වාහනෙක නැග යන්න..
මවපු හීන හිනම විතරයි ඔන්න..
උකස් තියපු රන් බඩු වීලා සින්න...
නැද්ද මචන් මැහිතෙල් අඩුවට බොන්න..
ලෝකෙම උතුම් රට උන් රමනය කරලා..
අනාගය අපෙ උන්ටම බිලි දිලා ..
කුලුනක් තියනවලු අපි වෙනුවෙන් හදලා..
කුලුන උඩින් ඉඳගමු උල මැද තියලා..
 
 
-Manalu