Tuesday, January 13, 2026
Follow Us
සුදු පුතේ ... මතකයිද
සුදු පුතේ ... මතකයිද
වෙල මැද්දෙ මැටි ගෙදර
වංගෙඩියෙ සම්බෝලෙ
කොටනවා මම තවම

 

තිස් වසර ගුරු කමෙන්
ලගදි මම අස් උනේ
අන්තිමට අට වසරෙ
ගුරුතුමිය මම අනේ
මතකයිද පුතේ අර
ඉංග්රීසි ගුරුතුමිය
ගිය සතියෙ නැති උනේ
මගෙ වයස ඇගෙ සමය
මට සිටියෙ ගෝලයෝ
මහ හුගක් පාසලේ
උන් තවම දකිනවා
මහ මගට ආ වෙලේ
විසි වසක් ගත උනත්
නැහැනෙ පුතු දුටුවෙ මම
මම හෙටත් මැටි ගෙදර
මග බලමි නුඹගෙ රුව...
 
- Achintha Niwantha