Tuesday, January 13, 2026
Follow Us
වෙද නලාව
 
බෙහෙත් පෝලිමෙ දෙවනි බංකුවෙ
හිටියෙ ලස්සන තරුණයෙක්
කඩිමුඩියෙ ඔහු මවෙත ඇවිදින්
කිව්වෙ වැරදුන බව වැඩක්

 වචන පැටළුන කොළුවගේ මුව

තෙමිල දහඩිය බිදු වලින්
මැණික මටනම් බයක් දැනුනා
සමාජයෙ හැටි දුටුව මං
සති දෙකට දින ලගයි කියමින්
කොළුව ඇසුවේ කැත වැඩක්
මටම ලැජ්ජයි මැණික අදනම්
වෙද නලාවට ගිය කලක්
අහස ගොරවන් වැහි වලාවක්
බිමට වැටුනා හෙමි හෙමින්
තවම තරුණයි කෙල්ල කියමින්
කොල්ල පෙන්නුව යන්තමින්
අනේ දෙයියනෙ අපේ දුවමයි
අදහගන්නට බැරිකමින්
කකුල් දෙක මගෙ පන නැතිව ගියෙ
කුමක් වෙන්නද නොදනි මං
වෙද නලාවෙම මරණෙ එන්නට
ගියේ තප්පර දෙක තුනෙන්
කොහොම ඉවසන් ඉන්නදෝ මම
මගෙම දුව අද ගැබණියක්
මගේ කාමරෙ මැද බාල්කෙට
දැම්මෙ මම පොඩි තොණ්ඩුවක්
මැණිකෙ මටනම් ඉවසන්න බෑ
හුස්ම හිරවුනෙ දුකට බං....
 
- Achintha Giwantha