Tuesday, January 13, 2026
Follow Us
කෙල්ලෙක් ඇති හිනාවක්
මචං කෙල්ලක් ඇති හිනාවක්
ඒකි ලස්සන තනි මලක්
කියන්නට අඩුවක් පාඩුවක්
තිබ්බේම නෑ බන් බින්දුවක්

 ඉන්නෙ ඈ පුංච්ම හාවියක්

වගේ තිබ්බට ගිරවියකගෙ හොටක්...
ලැබිලා නෑ ඒකිගෙන් හරියක්
බඹරෙක්ට කවදාකවත්...
මචන් මන් තනි යකෙක්
ලැබිලා නැති කාගෙන්වත් අතක්...
අතක් වෙනුවට හදවතක්
හම්බුනා බන් එක්ක ලොකු හරියක්...
පුදුමයක් එක්කම රැක්කා පණවගෙ
හිත හිතා මන් ලක්කාරයෙක්...
ගියේ නෑ මාසයක් හරියට
ආවා අතීතෙන් කන කොකෙක්...
යන්න හැකිනම් අතීතෙට මට
බොන්නෙ නෑ මල් රොන් පොදක්...
මගේ කරුමෙට ඒකි පලි නෑ
අයිති ඒකිට ලස්සන හෙටක්...
ඉතින් මං හිත හදන්නම් බන්
දෙන්න බෑ තනි මලට ගින්නක්...
ලැබුනේද කොහෙහරි කවදාකවත්
යකෙක්ට ඒ වගෙ.......
අහිංසක හා පැංචියක්...
.... ✍? නෝලා